ඌව පළාතේ සංවර්ධන පුනරුද ගමනට නව ජවයක් එක් කරමින් “ඌවේ මහා ශ්‍රම මෙහෙයුම” අද (05) දිනයේදී ආරම්භ කෙරේ. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සංකල්පයකට අනුව දියත් කෙරෙන මෙම වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ලේකම් කාර්යාලය, ඌව පළාත් සභාව සහ පළාතේ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධානය කරනු ලබයි.
මෙම මහා ශ්‍රම මෙහෙයුම යටතේ ඌව පළාත ආවරණය වන පරිදි ශ්‍රමදාන වැඩසටහන් 2,412ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පළාතේ පාරිසරික පිරිසිදුකම තහවුරු කිරීම සහ පොදු ස්ථානවල අලංකරණය වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. රාජ්‍ය ආයතන සහ ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කෙරෙන මෙම මෙහෙයුම හරහා ඌව පළාත වඩාත් ආකර්ෂණීය සහ පිරිසිදු කලාපයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි.
















