ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ පවතින විනිමය අනුපාතවල අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.
ඒ අනුව, 2026 මැයි මාසයේ පැවති මිල ගණන්ම ජුනි මාසය සඳහා ද වලංගු වේ. කොළඹ දිස්ත්‍රික්කයට අදාළව දැනට පවතින ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මිල ගණන් පහත පරිදි වේ:
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,765 කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,910 කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890 කි.
















