ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් ඇති කරගත් නව සටන් විරාම ගිවිසුමේ කොන්දේසි තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව හිස්බුල්ලා සංවිධානය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සටන් විරාම යෝජනාවන් හිස්බුල්ලා සංවිධානය පමණක් නොව, ලෙබනන ජනතාවගෙන් බහුතරයක් ද නිශ්චිතවම ප්‍රතික්ෂේප කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
යෝජිත නව සටන් විරාම වැඩපිළිවෙළ යටතේ ලෙබනනය තුළ විශේෂ නියමු ආරක්ෂක කලාපයක් (Pilot Buffer Zone) නිර්මාණය කිරීමට ද පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, මෙම සටන් විරාම එකඟතාවය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට නම් හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල දේශසීමා ඉලක්ක කර ගනිමින් එල්ල කරන සියලුම ප්‍රහාර වහාම අත්හිටවිය යුතු බවට ප්‍රධාන කොන්දේසියක් පනවා තිබූ අතර, පවතින උණුසුම් තත්ත්වය හමුවේ හිස්බුල්ලා සංවිධානය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
















