කැලණිවැලි දුම්රිය මාර්ගයේ කෝට්ටේ පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, අද (ජූනි 06) සහ හෙට (ජූනි 07) යන දින දෙකෙහි එම මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන වෙනස් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, වෙනස් කරන ලද කාලසටහන පහත පරිදි වේ:
ජූනි 06 වන දින සවස ධාවනය වන දුම්රියන්:
දහවල් 12.25 – අවිස්සාවේල්ල – නුගේගොඩ
ප.ව. 05.15 – නාරාහේන්පිට – අවිස්සාවේල්ල
ප.ව. 06.20 – නාරාහේන්පිට – අවිස්සාවේල්ල
රාත්‍රී 08.30 – නාරාහේන්පිට – අවිස්සාවේල්ල
ජූනි 07 වන දින උදෑසන ධාවනය වන දුම්රියන්:
පෙ.ව. 05.15 – අවිස්සාවේල්ල – කොටුව
පෙ.ව. 05.55 – අවිස්සාවේල්ල – කොටුව
පෙ.ව. 06.25 – අවිස්සාවේල්ල – කොටුව
පෙ.ව. 08.30 – කොටුව – අවිස්සාවේල්ල
මගී ජනතාව මෙම කාලසටහනේ වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් වී තම ගමන් බිමන් කල්තියා සැලසුම් කර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
















