CBL සමූහයේ (CBL Group) සභාපති රම්‍යා සනත් අමරවීර වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව එම සමාගම අද (ජූනි 06) නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ඒ මහතාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් CBL සමූහය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔහු තම ජීවිතය කැප කළේ හුදෙක් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමට පමණක් නොව, සැලකිල්ල, අඛණ්ඩතාව සහ නවෝත්පාදනය මත පදනම් වූ ශක්තිමත් ප්‍රජාවක් බිහි කිරීමට බවයි.
තවද, ඔහුගේ දැක්ම සහ කැපවීම ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය තුළ බැබළවීමට සහ ශ්‍රී ලංකාව ගෝලීය සිතියමේ සනිටුහන් කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දුන් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙරට රසකැවිලි හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කළ නායකයෙකු ලෙස ඔහු බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට පාත්‍ර විය.
















