නිරන්තරයෙන් සිදුවන ඉන්ධන හිඟය සහ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කළ විදුලි කප්පාදුවලින් බැටකෑ මෙරට පාරිභෝගික ජනතාවට සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ස්ථාවර මාවතක් නිර්‌මාණය කරමින්, ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත පිරිසිදු බලශක්ති ආර්ථිකයක් කරා මෙහෙයවන දැවැන්ත උපායමාර්‌ගික ප්‍රවේශයක් සක්‍රීය වෙමින් පවතී. දේශගුණික විපර්‌යාස සහ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ අස්ථාවරත්වය හමුවේ වුවද, දේශීය විදුලි පද්ධතියේ සුරක්ෂිතතාව උපරිම මට්ටමකින් තහවුරු කිරීමට මෙමඟින් මඟ පෑදේ. මහජනතාව මුහුණ දෙන දෛනික බලශක්ති අනාරක්ෂිතභාවය නිමා කරමින්, රටේ පොදු ආර්ථික ප්‍රගමනය උදෙසා ස්ථාවර වටපිටාවක් සැකසීම මෙහි ප්‍රමුඛතම අරමුණයි.
මෙම ජාතික මෙහෙයුමේ ප්‍රධානතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කෙරෙන මෙගාවොට් 150 ක ධාරිතාවකින් යුතු සූර්‍ය බලශක්ති උද්‍යානය, ශ්‍රී ලංකාවේ “විෂන් 2035” (Vision 2035) දැවැන්ත සංවර්ධන සැළසුමේ තීරණාත්මක පදනම බවට පත්ව තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කිරීමෙන් අනතුරුව, වඩාත් විනිවිදභාවයකින් යුතු නව නියාමන රාමුවක් යටතේ මෙරට ක්‍රියාත්මක වන ප්‍රථම සූර්‍ය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව නව ආර්ථික සහ කාර්‌මික යුගයකට ප්‍රවේශ වී ඇත්තේ මෙලෙසිනි. චරණ කුමාරණතුංග, දුලංගා කුමාරණතුංග, මධුසංඛ ප්‍රනාන්දු, ලියු කායි, බන්දුල විතානආරච්චි සහ ට්‍රැවිස් ඩි රෝස් වැනි ප්‍රමුඛ දේශීය හා විදේශීය ආයෝජන නායකත්වයන්ගේ මඟපෙන්වීම යටතේ, Southern Nexus, DHCE සහ GTC යන සමාගම් ඒකාබද්ධව මෙම ජාතික මෙහෙයුම පෙරදැරිව කටයුතු කරයි.
නවීන ස්මාර්ට් ග්‍රිඩ් (Smart-Grid) තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම පද්ධතිය හරහා ඉදිරි දශක කිහිපය තුළ දේශීය බලශක්ති අවශ්‍යතාව සහ පාරිසරික සංරක්ෂණය අතර පවතින ද්වන්ධ සටන අවම කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත. ආයු කාලය අවසන් වන සූර්‍ය පැනල පද්ධති සූක්ෂ්ම ලෙස විග්‍රහ කරමින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ විද්‍යාත්මක සැලසුම්ද මීට සමාන්තරව ක්‍රියාත්මක වන බැවින්, අනාගත පරපුර උදෙසා වඩාත් පිරිසිදු මෙන්ම වගකීම්සහගත කාර්‌මික වටපිටාවක් නිර්‌මාණය වීම ස්ථිරය. ඒ අනුව, නවීන තාක්ෂණික ඥානය සහ විදේශීය ආයෝජන නිසි පරිදි ඒකාබද්ධ කිරීමෙන් ඕනෑම දැවැන්ත බලශක්ති අභියෝගයක් සාර්ථකව ජයගත හැකි බවට ශ්‍රී ලංකාව ගෝලීය තලයේ කදිම ආදර්ශයක් සපයයි.
















