ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ (Prabowo Subianto) මහතා විසින් ක්‍රියාත්මක කරනු ලබන ජනප්‍රියවාදී සහ අස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින අතර, එරට මුදල් ඒකකය වන ‘රුපියා’ (Rupiah) අගය ඉතිහාසයේ දරුණුතම කඩා වැටීමකට ලක්ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
2024 වසරේදී බලයට පත් වූ දින සිට පාසල් ළමුන් මිලියන ගණනකට නොමිලේ ආහාර ලබාදීමේ පොරොන්දු ඇතුළු දැවැන්ත මූල්‍ය වියදම් පියවරයන් ගනිමින් දශක ගණනාවක මූල්‍ය විනය බිඳදැමීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. මීට අමතරව, සියලුම වෙළඳ භාණ්ඩ අපනයන කටයුතු සෘජුවම ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ස්වෛරී අරමුදලක් (Sovereign Fund) වෙත පැවරීම සහ මහ බැංකුව වෙත නව දේශපාලන බලපෑම් එල්ල කිරීම වැනි අත්තනෝමතික තීරණ හේතුවෙන් ආයෝජකයින් ඉන්දුනීසියාවෙන් ඉවත් වෙමින් සිටිති.
මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් 2026 වසරේදී ලොව වඩාත්ම අසාර්ථකම සහ අවම කාර්යසාධනයක් සහිත මුදල් ඒකකය බවට ඉන්දුනීසියානු රුපියාව පත්ව ඇත. මේ වන විට රුපියාව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 8%කට වඩා කඩා වැටී ඇති අතර, ඩොලරයක අගය ඉතිහාසයේ අවම අගය වන 18,190 දක්වා පහත වැටී තිබේ. මෙය 2020 වසරෙන් පසු එරට ආර්ථිකය මුහුණ දුන් දරුණුතම පසුබෑම වන අතර, මෙමඟින් ඉන්දුනීසියාවට පැවති ජාත්‍යන්තර ආයෝජන ශ්‍රේණිගත කිරීම් (Investment-grade credit rating) පවා අහිමි වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
















