හබරණ සිට සූරියපුර දක්වා ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව සේරුවිල මාර්ගයේ අසල තිබූ කොහොඹ ගසක තදින් ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ.
අනතුරේ පවතින දරුණු ස්වභාවය හේතුවෙන් ටිපර් රථයේ රෝද කිහිපයක් පවා ගැලවී ඉවතට විසිවී ගොස් වාහනයට දැඩි දේපළ හානි සිදු වී ඇත.
මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරාව, ප්‍රදේශවාසීන් සහ අසල්වැසියන් එක්ව වහා ක්‍රියාත්මක වී 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ සහාය ඇතිව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් ස්ථානය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
















