රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සහය පළ කරමින් කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විපක්ෂ කණ්ඩායම් විසින් ආරම්භ කර තිබූ සත්යග්රහ ව්‍යාපාරයේ අට්ටාලය පොලිසිය විසින් මැදිහත් වී සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා වෙනුවෙන් යුක්තිය ඉල්ලා මෙම සත්‍යග්‍රහය සහ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබූ අතර, මහජන පීඩාව සහ නීතිමය අවසරයකින් තොරව පොදු ස්ථානයක් අවහිර කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් පොලිස් නිලධාරීන් විසින් එම අට්ටාලය සහ විරෝධතා පුවරු මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
















