තලවතුගොඩ හන්දිය ආසන්නයේ පිහිටි අවන්හලක අද (09) පෙරවරුවේ හටගත් හදිසි ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මීට පෙර වාර්තා වූයේ ගින්නෙන් සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ගිනි නිවන භටයින් විසින් මුදාගත් බවයි. කෙසේ වෙතත්, එම සිද්ධියෙන් එක් අයෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















