මහ බැංකුව සහ භාණ්ඩාගාරය විසින් සිදුකරන පරස්පර ප්‍රකාශ හේතුවෙන් රටේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේ, අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක පාඩුවක් සම්බන්ධයෙන් පවතින භාණ්ඩාගාර වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව මූල්‍ය ආයතන දෙකකින් මෙවැනි පරස්පර මත පළ කිරීම බරපතළ කරුණක් බවත්, මෙම තත්ත්වය නිසා රටේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව මහජනතාව තුළ පවතින්නේ විශාල අවිශ්වාසයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















