හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් සේවාවන් ලබා දීමේදී මහජනතාවගෙන් අල්ලස් මුදල් හෝ වෙනත් වරප්‍රසාද ඉල්ලා සිටින අවස්ථා තිබේ නම්, ඒ පිළිබඳව වහාම බලධාරීන් දැනුවත් කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙවැනි අකටයුතුකම් වාර්තා කිරීම සඳහා අමාත්‍යාංශය විසින් පහත දුරකථන අංක හඳුන්වා දී ඇත:
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය (WhatsApp): 070 272 4637
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව: 1954
එබැවින් කිසියම් හෝ මරණ පරීක්ෂකවරයෙකු අයුතු ලෙස අල්ලස් ඉල්ලා සිටින්නේ නම්, එම තොරතුරු ඉහත අංක වෙත වාර්තා කර දූෂණ විරෝධී වැඩපිළිවෙළට සහාය වන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
















