අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ කටයුතු අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවීම සහ ඔහුට වධහිංසා පමුණුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.
සලේ මහතා රඳවා සිටින තත්ත්වය පිළිබඳව ඇතැම් පාර්ශ්ව දක්වන දැඩි උනන්දුව විවේචනය කළ අමාත්‍යවරයා, මීට පෙර අත්අඩංගුවට පත් වූවන්ට සිදුවූ දේ සිහිපත් කළේය.
සමහර අයට ජම්පර් ගසා සිරගත කළ විට කිසිවෙකුත් ඒ ගැන කතා නොකළ බවත්, නමුත් සුරේෂ් සලේ සම්බන්ධයෙන් පමණක් විශාල පිරිසක් පුදුම ආදරයක් පෙන්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සලේ මහතා රඳවා සිටින ආකාරය පිළිබඳව කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ, ඔහුට රාබු, මීයෝ හෝ කැරපොත්තන් වැනි ගැටලු නොමැති බවයි. එසේම, ගෝඨාභය රාජපක්ෂ මහතාට තහනමක් දැමූ මොහොතේ සිට මෙලෙස ඔහු ගැන විශේෂ අවධානයක් යොමු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















