සංචාරක ආදායම්වල කිසිදු අඩුවීමක් සිදුව නොමැති බවත්, ජාත්‍යන්තරව පිළිගත් නව සමීක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම හේතුවෙන් සංචාරකයින්ගේ සැබෑ වියදම් මේ වන විට නිවැරදිව වාර්තා වෙමින් පවතින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එසේම, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ගෙවීම් රට තුළම රඳවා ගැනීම තහවුරු කිරීම සඳහා රජය විසින් නව නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















