රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට වත්මන් රජය යටතේ අමානුෂික ලෙස සලකන බවට චෝදනා කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර ඇති විශේෂ මහජන සත්‍යග්‍රහය ඊයේ (09) දෙවන දිනටත් ක්‍රියාත්මක විය.
මෙම විරෝධතා ස්ථානය වෙත පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, දැනටමත් එම ස්ථානයේ සත්‍යග්‍රහයේ නිරතව සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු පිරිස හමුවී සිය සහාය පළ කළේය.
එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, රට වෙනුවෙන් කැපවූ රණවිරුවන්ට අද වන විට සාධාරණයක් ඉටු නොවන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ ජයග්‍රහණයක් ලැබෙන්නේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු සම්බන්ධ කරුණු හෙළිදරව් වන දිනයක බවත්, දේශපාලන න්‍යාය පත්‍ර යටතේ මෙරට ජනතාව අසාධාරණයට ලක්වෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















