හාලිඇල පොලිස් වසමේ උඩුවර ප්‍රදේශයේදී ගජමුතු දෙකක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩුවර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මෙම ගජමුතු ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ මෝටර් රථයකිනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 30 සහ 31 යන වයස්වල පසුවන හාලිඇල සහ පතනවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් ගජමුතු දෙක සහ සැකකරුවන් ගමන් කළ මෝටර් රථය සමඟ සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හාලිඇල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















