පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
අදාළ පෙත්සම මගින් ඔහු ඉල්ලා සිටින්නේ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බාධාවක් පැනවීම සඳහා අධිකරණමය නියෝගයක් ලබා දෙන ලෙසයි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව ගනු ලබන මෙම නීතිමය පියවර පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
















