2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව, පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් පරීක්ෂකවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව (Online) අයදුම්පත් යොමුකළ හැකිය. ඊයේ (09) දින සිට මෙම අයදුම්පත් කැඳවීම් විවෘත කර ඇති අතර, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස මෙම මස 22 වනදා දක්වා කාලය ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.















