බ්‍රසීල මහ බැංකුවට (Central Bank of Brazil) මූල්‍ය ස්වාධීනත්වය ලබාදීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එරට සෙනෙට් සභා කමිටුවක් විසින් අද (10) අනුමැතිය ලබා දී තිබේ. මෙම නව සංශෝධනය හරහා මහ බැංකුව සතු මූල්‍ය වත්කම්වලින් ලැබෙන ආදායම උපයෝගී කරගනිමින්, සේවක වැටුප් සහ ආයෝජන සඳහා වන සමස්ත අයවැය පාලනය කිරීමේ පූර්ණ බලය මහ බැංකුවට හිමිවන අතර, එමඟින් එරට විධායක බලයෙන් (රාජ්‍ය පාලනයෙන්) බැහැරව ස්වාධීන වීමට මහ බැංකුවට අවස්ථාව සැලසේ. මෙම යෝජනාව මේ වන විට සෙනෙට් සභාවේ පූර්ණ ඡන්ද විමසීමක් සඳහා යොමු කර ඇති අතර, එය සෙනෙට් සභාව තුළ වට දෙකකින් සම්මත වීමෙන් අනතුරුව, බ්‍රසීල පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ (Lower House) අනුමැතිය සඳහා ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
















