සුඩාන සම්භවයක් සහිත පුද්ගලයෙකු උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් (Belfast) නුවරදී එල්ල කළ පිහි ප්‍රහාරයකින් අනතුරුව එහි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඊට ප්‍රතිචාර ලෙස වෙස්මුහුණු ගත් පිරිස් කළු ජාතිකයන් ඉලක්ක කරගනිමින් නිවාස, මෝටර් රථ සහ බස් රථ ගිනි තබමින් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඊයේ රාත්‍රියේ පමණක් එවැනි සිදුවීම් 62ක් වාර්තා වී ඇත. තනි පුද්ගලයෙකු කළ වරදකට සමස්ත ප්‍රජාවගෙන්ම පළිගැනීම අසාධාරණ බව උතුරු අයර්ලන්ත බලධාරීන් අවධාරණය කර සිටී.
















