ගොවි ජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය පිළිබඳව ඇතැම් පිරිස් කරුණු විකෘති කරමින් අසත්‍ය ප්‍රචාර පතුරුවන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ අතර රාජාංගණය ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවි ජනතාව පවසන්නේ, තමන් තම ගොවි සංවිධාන මඟින් අවශ්‍ය පොහොර ප්‍රමාණයන් නිසි පරිදි ඉල්ලුම් කර තිබූ බවත්, ඒ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා තමන්ට නියමිත පරිදි පොහොර සහනාධාරය හිමිවූ බවත්ය. ඇතැම් පාර්ශව පොහොර සහනාධාරය සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා එල්ල කළ ද, බිම් මට්ටමේ ගොවීන්ට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලැබෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය විය.
















