නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ මහතා නිත්‍යානුකූල ක්‍රියාදාමයන්ගෙන් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ලබන ජූනි මස 16 වැනි දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
2006 දෙසැම්බර් මස 14 වැනි දින නාවික හමුදාවට බැඳී ඇති යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව එම කොමිසමට ලැබී ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතය.
ඔහුව නාවික හමුදාවට ඇතුළත් කරගැනීමේදී සලකා බැලූ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම, නාවික හමුදාව තුළ සිටියදී ඔහුට ලැබුණු විදේශ පුහුණු පාඨමාලා නීතියට පටහැනිව සහ වරප්‍රසාද අවභාවිත කරමින් ලබා දී ඇති බවට ලැබුණු පැමිණිලිවලට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශන නව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කර ඇත.
















