ජපන් රජය විසින් මෙරට ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා අධිශීත (Freezer) ට්‍රක් රථ 06ක් ලංකා ධීවර සංස්ථාව වෙත ඊයේ (10) නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. ජපන් රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ප්‍රදානය සිදුකළ බව ධීවර අමාත්‍යංශය සඳහන් කරයි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදානය කිරීමේ නිල උත්සවය පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා විසින් අදාළ ට්‍රක් රථවල යතුරු අමාත්‍යවරයා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය.
මෙම නව අධිශීත රථ ක්ෂේත්‍රයට එක්වීමත් සමඟ මෙරට ධීවර නිෂ්පාදනවල නැවුම් බව සහ ගුණාත්මකභාවය ඉහළින්ම සුරකිමින්, දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව සිදු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















