බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (10) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 80ක් සහ අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 24ක් සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 42 හැවිරිදි වේරහැර, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















