ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන ඉලක්ක කර ගනිමින් සිදුකළ පිංකැට බිඳීම් සහ සොරකම් රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන 40 හැවිරිදි පුද්ගලයෙකු ගාල්ල වරාය පොලිසිය විසින් ඊයේ (ජූනි 10) සවස කරාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව විදේශීය මුදල් සහ මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන තිබේ.
චීන යුවාන් 4700ක්
ඇමරිකානු ඩොලර් 1112ක්
රුපියල් 24,120ක මුදලක්
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2740ක්
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු ගාල්ල, යක්කලමුල්ල, ඉමදූව සහ වරාය යන පොලිස් වසම්වල පිහිටි විහාරස්ථානවල ආවාස ගෙවල් සහ පිංකැට කඩා මෙම සොරකම් සිදුකර ඇති බවයි. විශේෂයෙන්ම ගාල්ල මකුළුව ප්‍රදේශයේ විහාරස්ථානයකින් මෙම මුදල් සොරකම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ගාල්ල වරාය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරු අද (11) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
















