ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය සහ සංස්කෘතික හුවමාරුව අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ‘Youth Link’ දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ දෙවන අදියර අද (ජූනි 11) පස්වරු 3.00ට ගම්පහ නගරයේදී ආරම්භ වේ.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන අතර, මෙවර වැඩසටහන සඳහා සත්කාරක දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කරයි. මෙම තරුණ හුවමාරු වැඩසටහන සඳහා සංක්‍රමණ දිස්ත්‍රික්ක ලෙස මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්ක තෝරාගෙන ඇති අතර, එම දිස්ත්‍රික්ක නියෝජනය කරන තරුණ තරුණියන් පිරිසක් මෙම වැඩසටහනට එක්වීමට නියමිතය.
මෙම වැඩසටහනේ පළමු අදියර පසුගිය මාර්තු මස 05 වන දින මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පවත්වා තිබුණි. ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරන තරුණයින් අතර මිතුදම් ගොඩනැගීම සහ සංස්කෘතික අත්දැකීම් හුවමාරු කරගැනීම අපේක්ෂා කෙරේ.
















