ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාණ්ඩ සැපයීම සඳහා ටෙන්ඩර් දෙකක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 33 කට ආසන්න මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (11) නියෝග කළේය.
මෙම වංචාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පොලිස් වංචා විමර්ශන කාර්යාංශය විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත. වරාය අධිකාරියේ භාණ්ඩ සැපයුම්කරුවන් වීමේ බලාපොරොත්තුවෙන් සිටි පාර්ශවයන් ඉලක්ක කරගනිමින් මෙම මූල්‍ය වංචාව සිදුව ඇති අතර, ඊට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.
















