හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ඇති වූ දරුණු ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය. නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළාය.
ඇප නියම කිරීමට අමතරව සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවූ අධිකරණය, අදාළ නඩුව ජූනි මස 25 වැනිදා නැවත කැඳවීමට දින නියම කළේය. පසුගිය ජූනි 03 වැනිදා රාත්‍රියේ මෙම වැඩිහිටි නිවාසයේ හටගත් දරුණු ගින්නෙන් එහි නේවාසිකව සිටි වයෝවෘද්ධ පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ. ගින්න හටගන්නා අවස්ථාවේදී මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 72 දෙදෙනෙකු සිට ඇති අතර, ඉන් 51 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් සමත් විය.
















