එක්සත් රාජධානියේ (UK) විවිධ ප්‍රදේශවල මෑත දිනවල හිස ඔසවා ඇති දරුණු ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා (UN human rights chief) ප්‍රකාශ කර තිබේ.
උතුරු අයර්ලන්තයේ (Northern Ireland) සිදුවූ පිහි ඇනුමක සිදුවීමක් මුල් කරගනිමින් පසුගිය අඟහරුවාදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හමුවේ කැරලිකරුවන් විසින් එරට වෙසෙන සුළුජාතිකයන් සහ විදේශිකයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ නිවාස සහ වාහන ගිනි තබා විනාශ කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට ජල ප්‍රහාර පවා එල්ල කිරීමට සිදුවිය. මෙම පිහි ඇනුම සම්බන්ධයෙන් සුඩාන ජාතිකයෙකුට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල වී තිබේ.
මේ අතර, පසුගියදා සිදුවූ තවත් මෙවැනිම ජාතිවාදී මුහුණුවරක් ගත් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ මාලාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) මහතා විසින් දැඩි ලෙස හෙළා දකින ලද අතර, මෙවැනි සිදුවීම් උපයෝගී කරගනිමින් රට තුළ ජාතිවාදී නොසන්සුන්තාවන් ඇති කිරීමට උත්සාහ කිරීම කිසිසේත්ම සමාව දිය නොහැකි වරදක් බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
















