මුළු මහත් ලෝකයේම අවධානය දිනාගනිමින් ආරම්භ වූ 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ගෝලයේ අයිතිකරුවා වීමට මෙක්සිකෝ කණ්ඩායමේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩක ජුලියන් කිනෝනස් (Julián Quiñones) සමත් වී තිබේ.
සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන මෙම අතිශය උණුසුම් සමාරම්භක තරගයේ 9 වැනි මිනිත්තුවේදීම දකුණු අප්‍රිකානු පසුපෙළ ආරක්ෂක වළල්ල බිඳ දමමින් කිනෝනස් මෙම සුපිරි ගෝලය වාර්තා කළේය. මේ හේතුවෙන් තරගය ආරම්භයේදීම පෙරමුණ ගැනීමට මෙක්සිකෝව සමත් වූ අතර, පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0ක් ලෙස මෙක්සිකෝව පෙරමුණේ පසුවෙයි.
















