ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 4ක් ඉලක්ක කර ගනිමින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (12) පෙරවරු 4.00 සිට හෙට (13) පෙරවරු 4.00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා බලපැවැත්වේ.
ඒ අනුව, කළුතර, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා පළමු මට්ටමේ (කහ පැහැති) “විමසිලිමත් වන්න” යන අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
මෙම කාලසීමාව තුළ අධික වර්ෂාව හේතුවෙන් නායයෑම්, ගල් පෙරලීම්, පස් කඳු කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් වැනි ආපදා තත්ත්වයන් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව පස් කඳු කඩා වැටීමේ ලක්ෂණ වන පස ඉරිතැලීම හෝ හදිසි ජල උල්පත් මතුවීම වැනි දේ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙයි.
















