කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ (11) රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයක්, අකුණු සැර වැදීමක් හේතුවෙන් යළි හදිසියේ ගොඩබෑමට පියවර ගෙන තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසන පරිදි, යූ.එල්. 606 (UL 606) දරණ එම ගුවන් යානයේ එක් එන්ජිමකට මෙලෙස අකුණු සැර වැදී ඇත. ගුවන් යානයේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි හරවා ගොඩබස්වා ඇත.
මෙම සිදුවීම හේතුවෙන් මගීන්ගේ ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වූ අතර, අදාළ මගීන් පිරිස පසුව වෙනත් ගුවන් යානයකින් මෙල්බර්න් නුවර බලා පිටත් කර යවා ඇත. මෙම සිද්ධියෙන් මගියෙකුට හෝ ගුවන් යානයට කිසිදු හානියක් සිදුව නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයකු වැඩිදුරටත් තහවුරු කළේය.
















