ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා කලාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ සහ විදේශීය විශිෂ්ට සාහිත්‍ය කෘති මෙරට පාඨකයාට සමීප කරවීමේ සුවිශේෂී පියවරක් ලෙස, බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ අලුතෙන් ආරම්භ කිරීමට නියමිත “ජාත්‍යන්තර භාෂා පරිවර්තන භාෂා මධ්‍යස්ථානය” බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ විශේෂ නිරීක්ෂණයට අද (12) ලක්විය.
නිසි කළමනාකරණයකින් තොරව පැවති ඉතා වටිනා ගොඩනැඟිලි සහිත පරිශ්‍රයක්, රටට සැබවින්ම ඵලදායී හා කාලීන අවශ්‍යතාවක් වෙනුවෙන් මෙලෙස ප්‍රතිසංස්කරණය කර කාර්යයෙහි යොදාගැනීම මෙහි මූලික අරමුණ වී තිබේ. දේශීය නිර්මාණකරුවන්ගේ සහ ලේඛකයන්ගේ නිර්මාණ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ ලෝකය වෙත ගෙනයාමටත්, ගෝලීය සාහිත්‍ය ඥානය දේශීය කියවන්නාට දායාද කිරීමටත් මෙම මධ්‍යස්ථානය ඉදිරියේදී සක්‍රීයව දායක වීමට නියමිතය.















