ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ අද (12) දහවල් පිළියන්දල ධර්මරාජ මහා විද්‍යාල භූමියේ තිබූ විශාල කොහොඹ ගසක් කඩා වැටීමෙන් පන්ති කාමරයක සිටි සිසු සිසුවියන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පිළියන්දල පොලිසිය පවසයි. මෙම අනතුරෙන් 10 වසරේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකු සහ එක් සිසුවෙකු තුවාල ලබා තිබේ.
අද දහවල් 1.20 ට පමණ වර්ෂාවත් සමඟ මෙම ගස 10 වසර පන්ති කාමර පිහිටි ගොඩනැඟිල්ල මතට කඩා වැටී ඇති අතර, ඉන් එම ගොඩනැඟිල්ලේ වහලයට ද දැඩි අලාභහානි සිදුව ඇත. තුවාල ලැබූ සිසුන් වහාම පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් එක් සිසුවියක වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. පිළියන්දල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.















