මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඩොලර් බිලියන 4ක හදිසි මූල්‍ය ආධාර පැකේජයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම හදිසි මූල්‍ය සහාය අපේක්ෂාවෙන් පසුවන ආසියානු කලාපීය රටවල් 15 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන බව ආසියානු සංවර්ධන බැංකුව නිල වශයෙන් තහවුරු කර ඇත.
මෙම විශේෂ ආධාර පැකේජය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. ඒ අනුව, බලපෑමට ලක්වූ රටවල රජයන් විසින් කරනු ලබන සෘජු ඉල්ලීම් (Budgetary Support) වෙනුවෙන් ඩොලර් බිලියන 3ක් ද, බලශක්ති සහ ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පවතින බාධා ඉවත් කරගැනීම සඳහා වෙළඳ මූල්‍යකරණ (Trade Finance) පහසුකම් ලෙස තවත් ඩොලර් බිලියන 1ක් ද වෙන් කර තිබේ.
ගෝලීය දේශපාලන අර්බුදය හමුවේ ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම, විදේශ ප්‍රේෂණ (Remittances) අඩාල වීම, සංචාරක ව්‍යාපාරයට එල්ල වන බාධා සහ ගෝලීය සැපයුම් දාමයන්හි පවතින දැඩි පීඩනය සැලකිල්ලට ගනිමින්, පීඩාවට පත් රටවල ආර්ථිකයන් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙම කඩිනම් සහ කාලෝචිත මූල්‍ය සහාය ලබාදීමට පියවර ගත් බව ADB ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.















