යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි දකුණ ප්රදේශයේ අතුරුදන්ව සිටි වයස අවුරුදු 6ක පිරිමි දරුවෙකුගේ මළ සිරුර නිවස ආසන්නයේ තිබූ ළිඳක තිබී සොයා ගෙන තිබේ.
ඊයේ (12) රාත්රියේ මෙම දරුවා අතුරුදන්ව ඇති බවට පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව අද (13) උදෑසන සිදුකළ සොයා බැලීම්වලදී දරුවාගේ සිරුර මෙලෙස සොයාගෙන ඇත. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















