රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තමන් නිර්දෝෂී නම් බිය විය යුතු නැති බවත්, නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උපවාස කිරීම නොව කළ යුත්තේ පරීක්ෂණවලට මුහුණ දීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය යටතේ සිදුකෙරෙන විමර්ශන හා සාක්ෂි හෙළිදරව් වීම් හමුවේ, ඇතැම් පාර්ශවයන් දක්වන ප්‍රතිචාර පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. යුක්තිය ඉටුකිරීම සඳහා ක්‍රියාත්මක වන ස්වාධීන පරීක්ෂණ හමුවේ කිසිදු පාර්ශවයක් කලබල විය යුතු නැති බවත්, සත්‍යය රට හමුවේ අනාවරණය වීමට ඉඩ දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















