පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවීන පහසුකම් සහිතව නව්‍යකරණය කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය (A&E) සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය හෙට (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 92කට අධික මුදලක් වැය කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 37ක් හදිසි ප්‍රතිකාර ඒකකය වෙනුවෙනුත්, රුපියල් මිලියන 55ක් ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය වෙනුවෙනුත් වෙන් කර තිබේ. නවීකරණයෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගී ධාරිතාව 18 සිට 47 දක්වා ඉහළ ගොස් ඇති අතර, මධ්‍යම ඔක්සිජන් පහසුකම් සහ කාර්ය මණ්ඩල ධාරිතාව ද සැලකිය යුතු ලෙස වැඩි කර ඇත.
මධ්‍යම පළාතේ ප්‍රමුඛතම තෘතියික සත්කාර රෝහලක් වන පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් වාර්ෂිකව නේවාසික රෝගීන් 80,000කට අධික පිරිසකට සහ බාහිර රෝගීන් ලක්ෂ 2.5කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිකාර සේවා සපයන බැවින්, මෙම නවීකරණය කලාපයේ සෞඛ්‍ය සේවාවට විශාල ශක්තියක් වනු ඇත.
















