කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සහ ඒ හා සමගාමීව පැවැත්වෙන දේව පෙරහර හේතුවෙන් අද (13) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයට අනුව, අද දහවල් 02.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ. සුරුවම රැගත් දේව පෙරහර වෙරළබඩ පොලිස් වසමට අයත් මාර්ගයන්හි වීථි සංචාරය කිරීමට නියමිත බැවින් රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
මෙම කාලසීමාව තුළ එම ප්‍රදේශයේ ගමනාගමන තදබදයක් ඇති විය හැකි බැවින්, රියදුරන් රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
















