ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සඳහා ඩයස්පෝරාව මුදල් ලබා දුන් බවත්, එම මුදල් ලබා දුන්නේ තමන් අපේක්ෂා කළ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද ‘මෙහෙවරක ප්‍රණාමය’ උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ කරුණු ඉටු කිරීමට අසමත් වී ඇති බවත්, රටේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාව මෙන්ම ඩයස්පෝරාව ද මේ වන විට කලකිරීමට පත්ව ඇති බවයි. ආණ්ඩුව ජනතාවට සහ තමන්ට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට ඔහු දැඩි ලෙස විවේචනය කළේය.
















