කළු ගඟේ – වැලිකන්ද, බොලස්සගම ප්‍රදේශයේ දියෙහි තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (13) සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හොරණ, සීලරතන පාරේ පදිංචිව සිටි තේනුවර ආචාරිගේ පියරත්න නැමැති 66 හැවිරිදි පුද්ගලයෙකි. කළුතර දකුණ පොලිසිය විසින් මෙම මළ සිරුර ගොඩගනු ලැබූ අතර, කළුතර හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව දේහය වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත යොමු කර ඇත.
මෙම මරණයට හේතුව සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
















