රුපියල් මිලියන 42ක පිරිවැයක් දරමින් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රේරුකාන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ මහා පරිමාණ වැඩසටහන අද (13) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධානතම සංවර්ධන වැඩපිළිවෙළක් වන iRoad (Integrated Road Investment Program) ව්‍යාපෘතිය යටතේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක අවස්ථාව පැවැත්විණි.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම iRoad ව්‍යාපෘතිය යටතේ, කළුතර දිස්ත්‍රික්කය තුළ පමණක් මාර්ග 14 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට නියමිත අතර, රේරුකාන මාර්ගය සංවර්ධනය කෙරෙන්නේ එහි තවත් එක් අදියරක් වශයෙනි.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පැවැත්වුණු මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධනුෂ්ක රංගනාත්, සංජීව රණසිංහ සහ ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන් ද, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු iRoad වැඩසටහනේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) උසස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
















