ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන “මෝදර නිපුන” නමැත්තාගේ සහෝදරයා සහ “බ්ලුමැන්ඩල් සංඛ” නමැත්තා අද (13) දින මෙරටට රැගෙනවිත් තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අප වාර්තාකරු සඳහන් කළේ, ඩුබායි හි සිට විශේෂ ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ දිවයිනට ළඟා වූ බවයි. මෙරට තුළ මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ මෙම අපරාධකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ආරක්ෂක අංශ මඟහැර ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියහ.
ගුවන් තොටුපළ වෙත රැගෙන ආ සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සහ නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හෝ විශේෂ පොලිස් කණ්ඩායම් භාරයට පත් කිරීමට නියමිතය.
















