බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණත් සහ වමත් අග්‍රශාවකයන් වහන්සේලා වූ සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලාගේ උත්තම ශාරීරික ධාතූන් වහන්සේලා ප්‍රථම වරට මොංගෝලියාව බලා වැඩම කරවා තිබේ.
මෙම ඓතිහාසික ධාතු ප්‍රදර්ශනය මොංගෝලියානු බෞද්ධ ජනතාවගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් සංවිධානය කර ඇති අතර, ධාතූන් වහන්සේලා මොංගෝලියාවේ උලාන්බාතර් අගනුවර වෙත ළඟා වූ අවස්ථාවේදී එරට රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආගමික නායකයින් සහ බෞද්ධ ජනතාව විසින් අති උත්කර්ෂවත් අන්දමින් පිළිගෙන ඇත.
දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සිදුවන මෙම පූජනීය වැඩපිළිවෙළ, ගෝලීය බෞද්ධ ඉතිහාසය තුළ සුවිශේෂී මතකයන් රැසක් එක් කරනු ඇති බව දෙස් විදෙස් ආගමික විචාරකයෝ පෙන්වා දෙති. මෙම උත්තම ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා මොංගෝලියාව පුරා වෙසෙන දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාව මේ වන විටත් ප්‍රදර්ශන භූමිය වෙත පැමිණෙමින් සිටිති.
















