පිලිපීන නිදහස් දිනය (Philippine Independence Day) යෙදී තිබූ ඊයේ දිනයේදී, ඇමරිකානු මිලිටරි බලකායන්ට වහාම රටින් පිටවන ලෙස සහ සියලුම හමුදා කඳවුරු ගිවිසුම් (Base agreements) අවලංගු කරන ලෙස බල කරමින් අගනුවර වන මැනිලා (Manila) හි දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
එහිදී වීදි බැස සිටි සිය ගණනක් වූ විරෝධතාකරුවන් මැනිලා නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය (U.S. Embassy) වෙත ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර, එය වැළැක්වීම සඳහා පොලීසිය යොදවා තිබූ කටුකම්බි වැටවල් සහ ආරක්ෂිත බාධක (Barricades) බලහත්කාරයෙන් බිඳ දැමීමට ද ඔවුහු කටයුතු කළහ.
පිලිපීනය තුළ ඇමරිකානු මිලිටරි මැදිහත් වීම් වැඩි වෙමින් පැවතීම සහ ආරක්ෂක ගිවිසුම් හරහා රටේ ස්වෛරීභාවයට සිදුවන බලපෑමට එරෙහිව ජනතාව සිය නිදහස් දිනයේ දීම මෙලෙස දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















