ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකොස් මිත්සෝටාකිස් (Kyriakos Mitsotakis) විසින් එරට නව විදේශ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් යුරෝපා සංගමය (EU) වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
ඔහු අවධාරණය කර සිටින්නේ යුරෝපා සංගමයේ පවතින ‘අන්‍යෝන්‍ය සහයෝගිතා වගන්තිය’ (Mutual assistance clause) හුදෙක් කඩදාසියකට පමණක් සීමා වූ මළ ලියවිල්ලක් නොකර, එය නේටෝ සංවිධානයේ 5 වන වගන්තිය (Article 5) මෙන් සැබෑ ලෙසම ක්‍රියාත්මක කළ හැකි, ශක්තිමත් ආරක්ෂක ගිවිසුමක් බවට පරිවර්තනය විය යුතු බවයි.
තවද, ග්‍රීසිය මේ වන විටත් ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපීය රටවල් (Gulf states) සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බවත්, දැඩි ‘රතු රේඛාවන්’ (Red lines) මධ්‍යයේ තුර්කිය සමඟ සාකච්ඡා සඳහා දොරටු විවෘතව තබා ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය. ඇතැන්ස් නුවර (ග්‍රීසිය) තවදුරටත් දුර්වල රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, යුරෝපය මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















