මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇසළ පෙරහැර සමයේ ප්‍රවාහන කටයුතු වඩාත් පහසු කිරීම උදෙසා, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන බ්‍රවුන්ස් (Browns) සමාගම විසින් දළදා මාලිගාව වෙත නවීන විදුලි මෝටර් රථ (Electric Vehicles) දෙකක් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වුණු විශේෂ උත්සවයකදී බ්‍රවුන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂිකා පවිත්‍රා ජයසේකර මහත්මිය විසින් මෙම විදුලි මෝටර් රථ දෙක ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාවට බ්‍රවුන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන තරිඳු ප්‍රේමරත්න, ටී. එන්. සේනානායක සහ මහනුවර සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක් වන මෙම විදුලි රථ, මාලිගා පරිශ්‍රය තුළ සහ පෙරහැර මංගල්‍යය පවත්වන වකවානුව තුළ සිදු කෙරෙන විශේෂ ප්‍රවාහන අවශ්‍යතා සඳහා බෙහෙවින් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















