කළු ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කුඩා ගඟ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මාපක මධ්‍යස්ථානවලින් ලැබුණු දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය තහවුරු කර ඇත.
පවතින කාලගුණික දත්ත සහ වර්ෂාපතන රටාවන්ට අනුව, ඉදිරි පැය කිහිපය තුළ ගඟේ ජල මට්ටමේ සැලකිය යුතු හෝ වේගවත් ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව බලධාරීන් පවසයි.
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුරු ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව වඩාත් විමසිලිමත් විය යුතුය. මෙම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් ද විශේෂ අවධානයකින් යුතුව ගමන් කළ යුතුය. අදාළ ආපදා කළමනාකරණ ආයතන සහ වගකිවයුතු බලධාරීන් පූර්ව සුදානමින් සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා දැනුවත් කර ඇත.
















