කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, නිරිතදිග සුළං පැයට කිලෝමීටර් 30-40ත් අතර වේගයකින් පවතිනු ඇත.
ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. මන්නාරමේ සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0ත් 2.5ත් අතර අගයකට ඉහළ යා හැකි බවද වාර්තා වේ.
දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක. ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවන ලෙසත්, කාලගුණ යාවත්කාලීන කිරීම් පිළිබඳව විමසිලිමත් වී අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙයි.
















