වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් වත්මන් රජය ඉතා දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ වධහිංසා වැලැක්වීමේ අනුකමිටුවේ සිව් පුද්ගල නියෝජිත පිරිසක් අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ වධහිංසා වැලැක්වීමේ අනුකමිටුව සමඟ ඉතා විවෘත, ඉදිරිගාමී සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන බව තහවුරු කළේය.
















